Core i9-14900K/KF, Core i7-14700K/KF, i5-14600K/KF ලෙස මෙම CPU 6 නම් කර ඇත. මෙහි බලවතා වන i9-14900K සතුව Performance cores (3.2GHz/5.6GHz) 8ක් සහ Efficiency cores (2.4GHz/4.4GHz) 16ක් ලෙස මුළු corse ගණන 24ක් හා Threads 32ක් ඇතුළත් කර ඇත.
i7-14700K Performance cores (3.4GHz/5.5GHz) 8ක් සහ Efficiency cores (2.5GHz/5.5GHz) 12ක් සහ i5-14600K සතුව Performance cores (3.5GHz/5.3GHz) 6ක් සහ Efficiency cores (2.6GHz/4.0GHz) 8ක් ලෙස වෙන් කර ඇත.


පහුගිය වසරේ 13th Gen එකත් එක්ක සැලකීමේදි Performance අතින් තරමක් දුරට වෙනසක් බලාපොරොත්තු විය හැකි නමුත් Power efficiency අතින් බැලූ කල 13th Gen හා 14th Gen අතර වෙනසක් නොමැති තරම් ය. 14th Gen එකට 13th Gen එකේ තිබූ LGA 1700 Socket එක සහ Intel 600-Series 700-Series Motherboard වලට සහය දක්වන නිසා 13th Gen සිට 14th Gen වලට මාරු වීමට Motherboard Replace කිරීමට අවශ්‍ය නොවේ. Wifi 7 සහය දක්වන නිසා Fast & Low latency Connection එකක් ලබාගත හැකිය. තවද DDR5 5600MHz දක්වා Memory Bandwidth සහය දක්වයි.